සමාගම ගැන

සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් යනු සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයේ ආයෝජන කළමනාකරණ අංශයයි. සරලව කිව හොත් අප තමාගේ ජීවිතයේ ඉලක්ක සහ සිහින කුමක් වුවත් එය සාක්ෂාත් කර ගැනීමට ප‍්‍රාර්ථනා කරන වර්තමාන ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන්ට උපකාර කිරීම වෙනුවෙන් බිහි වූ සමාගමකි. මුදල් ආයෝජනය සාමාන්‍යයෙන් ඉතා සංකීර්ණ වුවත්ල එහි සංකීර්ණභාවය අවම කරල තේරෙන භාෂාවෙන් සරලවල ඩිජිටල්කරණය කර රුපියල් 5000ක් අතැති  ඕනෑම අයෙකුට මුදල් ආයෝජනය කිරීමට මෙමඟින් ඉඩ සලසා ඇත.

සමාගමක් ලෙස හා වෙළෙඳනාමයක් ලෙස අපට කිරීමට අවශ්‍ය වන්නේ තරුණ පිරිස අතර ආයෝජන සංස්කෘතියක් ඇති කිරීම සහ ඔවුන්ගේ සිහින කෙතරම් විශාල හෝ අසාමාන්‍ය වූවත් එම සිහින සැබෑ කර ගැනීමට ඔවුන්ට උපකාර කිරීමයි.