සොෆ්ට්ලොජික් මුදල් වෙළඳෙපොල අරමුදල

කෙටි කාලයක් සඳහා (සාමාන්‍යයෙන් මාස 12ක් හෝ ඊට අඩු) ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට මෙම අරමුදල වඩාත්ම ගැලපෙන අතර එම කාල වකවානුවේදී හොඳ ප්‍රතිලාභ ලැබෙනු ඇත ඔබගේ අරමුදල් රාජ්‍ය භාණ්ඩාගාර බිල්පත්ල ස්ථාවර තැන්පතුල ණයකරල වාණිජ පත‍්‍රක වැනි කෙටි කාලීන සුරැකුම්පත් සඳහා ආයෝජනය කරනු ඇත 

ආයෝජකයෙකු ලෙස ඔබට  ඕනෑම අවස්ථාවක අමතර ගාස්තුවකින් තොරව මෙම අරමුදලට ප්‍රවේශ වීමට හා ඉවත් වීමට හැකිය.

මතක තබා ගත යුතු වදගත් කරුණු

අරමුදලේ ස්වභාවය මෙමඟින් කෙටි කාලීනව උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබට උපකාර කරන අතර ඕනෑම අවස්ථාවක ඔබගේ ආයෝජනය ආපසු ලබා ගැනීමට හැකි බව සහකිත වේ
පරිපාලක/භාරකරු හැටන් නැෂනල් බැංකුව පී එල් සී
ආයෝජන අරමුණ ඔබගේ ආයෝජනයේ ආරක්ෂාව සහතික කරමින් ඔබගේ ආයෝජනය සඳහා හොඳ ප්‍රතිලාභ ලබාගැනීමට සහය වීම
අවම ආරම්භක ආයෝජනය ශ්‍රී ලංකා රුපියල් 5000/- හෝ ඊට වැඩි
ආරම්භක දිනය 2020 ජූලි
කළමනාකරණ ගාස්තුව වාර්ෂිකව 0.45% ක් මුළු අරමුදලට අය කරනු ලබන අතර තනි ආයෝජකයින් සඳහා ගාස්තුවක් නැත
පරිපාලක ගාස්තුව වාර්ෂිකව 0.15% ක් මුළු අරමුදලට අයකරනු ලබන අතර තනි ආයෝජකයින් සඳහා ගාස්තුවක් නැත
ඉවත්වීමේ ගාස්තුව ඉවත්වීමේ ගාස්තුවක් නැත

මුදල් වෙළෙඳපොල අරමුදල තෝරා ගත යුත්තේ ඇයි?

  • රුපියල් 5000/- ක් වැනි සුළු ආරම්භක මුදලකින් රාජ්‍ය භාණ්ඩාගාර බිල්පත් ස්ථාවර තැන්පතු, ණයකර, වණිඡ පත‍්‍රකා වැනි සමූහයක ආයෝජනය කිරීමට මෙමඟින් ඔබට අවස්ථාව ලැබේ
  • විවිධ වූ කෙටි කාලීන ආයෝජන සමූහයක ආයෝජනය කිරීමට අවස්ථාව ලැබෙන බැවින් මෙහි අවදානම අවම වේ 
  • සුදුසුකම් ලත් අරමුදල් කළමනාකරුවෙකු ඔබගේ අරමුදල් කළමනාකරණය කරනු ලබන අතර ඔබට හැකි උපරිම ප්‍රතිලාභ ලබා දීමට ඔවුන් ඉහලම ආචාරධර්ම ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරනු ඇත   
  • ඔබට අවශ්‍ය පරිදි පහසුවෙන් මෙම අරමුදලට ප්‍රවේශවීමට හා ඉවත් වීමට හැකිය    
  • ඔබගේ කෙටි කාලීන ඉලක්ක සහ සිහින සැබෑ කර ගැනීම සඳහා ඉතිරි කිරීම ඇරඹීමට මෙය කදිම මාවතක් විය හැකිය

මෙම අරමුදල ගැලපෙන්නේ කවුරුන් සඳහාද?

  • කෙටි කාලීනව තම ආයෝජන සඳහා ප්‍රතිලාභ අපේක්ෂා කරන ආයෝජකයින් හට මෙය වඩාත් යෝග්‍ය වේ
  • මෙය ඔබගේ දිගු කාලීන ආයෝජන සැලැස්ම හඳුනා ගන්නා අතරතුර ඔබට ප්‍රතිලාභ ලබාදෙන තාවකාලික ආයෝජන විකල්පයක් විය හැක

ඒකක මිල

25th August 2020
විකුණුම් මිල (රුපියල්) ගැණුම් මිල (රුපියල්)
සොෆ්ට්ලොජික් මුදල් වෙළෙඳපොල අරමුදල 100.8450 100.8450