ආයෝජනය කරන ආකාරය

ආයෝජනය කරන්නේ කෙසේද?

Performance

අපගේ ‘‘ලියාපදිංචි’’ වීමේ ටැබ් එක ක්ලික් කිරීම් කිහිපයකින් ඔබගේ ආයෝජනය කිරීම අරඹන්න

Performance

ඔබ ඔබගේ මූලික ලියාපදිංචිය අවසන් කල පසු ඔබගේ පෞද්ගලික තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අපගේ නියෝජිතයෙකු ඔබ හා සම්බන්ධ වනු ඇත

Performance

ඉන් පසු අපෙන් ඔබට අත්‍යාවශ්‍ය ලියකියවිලි සමඟ ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත. ඔබ ඒවා පුරවා අත්සන් කර නැවත අප වෙත පහත පරිදි එවිය යුතුය 1. ඊමේල් හරහා ස්කෑන් කල / PDF - info@softlogicinvest.lk 2. වයිබර්/වට්ස්ඇප් හරහා 0764784171 3. තැපෑල හරහා – සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට්, ලෙවල් 16, වන් ගෝල්ෆේස් ටවර්, කොළඹ 02, ශ්‍රී ලංකාව

Performance

ඒ සමඟම ඔබේ ආයෝජනය අන්තර්ජාල හුවමාරුවක්, ඍජු බැංකු තැන්පතුවක් හෝ චෙක් පතක් මඟින් අප වෙත බැර කල යුතුය. අපගේ ගිණුම් විස්තර පහත පරිදි වේ ගිණුම් අංකය - 003010534505 බැංකුව - හැටන් නැෂනල් බැංකුව ප්‍රධාන කර්යාලය ශාඛා කේතය - 003

Performance

ඔබගේ අරමුදල් සහ සම්පූර්ණ කළ ලියකියවිලි අපට ලැබුනු පසු ඔබ සඳහා වන ප්‍රොෆයිලයක් එකක් නිර්මාණය වේ. මෙමඟින් ඔබගේ ආයෝජනයේ වර්තමාන තත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඔබට ලැබෙනු ඇත. ඊට අමතරව ඔබගේ ප්‍රොෆයිල් එක හරහා ඔබට අමතර ආයෝජන කිරීමටල ඕනෑම අවස්ථාවක ඔබගේ මුදල් ආපසු ලබා ගැනීමට මෙන්ම තවත් බොහෝ ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැක


නිතර අසන ප‍්‍රශ්න

Unit Trust අරමුදලක් යනු පොදු ආයෝජන අරමුණක් ඇති බොහා් ආයෝජකයින් විසින් ඇති කරන ලද සාමූහික ආයෝජන සංචිතයකි. මෙම මුදල් සංචිතය මූල්‍ය සුරැුකුම්පත් සමූහයක් මිලදී ගැනීමට භාවිතා කරයි. ආයෝජනය කරන ලද මුදල් වෙනුවට අරමුදල එක් එක් ආයෝජකයාට අරමුදල් ඒකක (units) නිකුත් කරන අතර එවිට ඔවුන් ඒකක දරන්නන් (Unit Holders) ලෙස හඳුන්වයි.

අරමුදල් භාරකාර ඔප්පුවක් හරහා පිහිටු වන අතර එය ස්වාධීන නීතිමය ඒකකයකි. එයට තමන්ගේම මූල්‍ය ගිණුම් තිබෙන අතර බදු ආපසු ගැනීම්ද ගොනු කරනු ලබයි. මෙම භාරය පරිපාලනය කරනු ලබන්නේ එහි භාරකරු වන හැටන් නැෂනල් බැංකුව පී. එල්. සී විසිනි.

විවෘත අරමුදලක් යනු ආයෝජකයින්ට  ඕනෑම වෙලාවක අරමුදලට ඇතුළුවීමට හා පිටවීමට හැකි අරමුදලක් වේ. අරමුදල මඟින් නිකුත් කළ යුතු කොටස් ගණනට කිසිඳු සීමාවක් නොමැති අතර අරමුදලට කල්පිරීමක්ද නොමැත.

ඔබේ මුදල් වෙනත් ආයෝජකයින්ගේ මුදල් සමඟ එකතු කොට ආයෝජනය කිරීමෙන් පහත වාසි ද ලබා ගත හැක:

  • විවිධාංගීකරණය : සීමා සහිත සම්පත් මඟින් තනි පුද්ගලයෙකු ලෙස ඔබට හෝ සමාගමකට මිලදී ගත හැකි පමණට වඩා තනි විශාල අරමුදලකින් සුරැකුම්පත් විශාල ප‍්‍රමණයක් ලබා ගත හැකිය.
  • වෘත්තීය කළමනාකරණය : වෘත්තීය අරමුදල් කළමණකරුවෙකු විසින් අරමුදල කළමණාකරනය කරනු ඇති අතර එහි ආයෝජනයන් නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ඇත. 
  • පහසුව :  ඕනෑම ව්‍යාපාරික දිනයකදී අරමුදල් ඒකක මිලට ගැනීමද විකිනීමටද හැකිය.

මුදල් වෙළෙඳපොල අරමුදල්
අරමුදල් රඳවා තබා ගන්නා කාලය සාමාන්‍යයෙන් මාස 12 ක් නිසා කෙටි කාලීන ප්‍රතිලාභ අපේක්ෂා කරන ආයෝජකයින්ට මුදල් වෙළෙඳපොල අරමුදලක් ඉතා යෝග්‍ය වේ. එය ඉහළ ද්‍රවශීලතාවයක් ලබා දෙන අතර ආයෝජකයින්ට  ඕනෑම වෙලාවක ගාස්තුවකින් තොරව ප්‍රවේශ වීමට හා ඉවත් වීමට ඉඩ සලසයි. මුදල් වෙළෙඳපොල අරමුදල් මූලික වශයෙන් ආයෝජනය කරන්නේ රීපොස්, ටී-බිල්පත්, ස්ථාවර තැන්පතු, වණිජ පත‍්‍රිකා හා විශ්වාස සහතික වැනි කෙටිකාලීන සුරැුකුම්පත් සඳහාය.

කොටස් අරමුදල්
කොටස් අරමුදලක් තාවකාලික වෙළෙඳපොල උච්චාවචනයන්ට ඔරොත්තු දිය හැකි දිගුකාලීන ආයෝජකයින් සඳහා සුදුසුය. මෙම අරමුදල මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ව්‍යාපාරික කොටස්වල ආයෝජනය කරනු ඇති අතර අරමුදල් ආයෝජකයින්ට දිගුකාලීන ප්‍රාග්ධන ඇගයීම් සහ කොටස් ආයෝජනවල ලාභාංශ තුළින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලබා දෙයි.

කොටස් අරමුදල ප‍්‍රධාන වශයෙන් කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත කොටස් සඳහා ආයෝජනය කරනු ලබයි.

මුදල් වෙළෙඳපොල අරමුලද ප‍්‍රධාන වශයෙන් පහත සඳහන් පිරිදි කෙටිකාලීන   ස්ථාවර ආදායම් සුරැකුම්පත් සඳහා ආයෝජනය කරනු ලබයි,

  • රජයේ බැඳුම්කර (Government bonds)
  • භාණ්ඩාගාර බිල්පත් (Treasury bills)
  • බැංකුකරුවන්ගේ පිළිගැනීම් (Bankers’ acceptances)
  • වාණිජ පත‍්‍රිකා (Commercial papers)
  • සුරක්ෂිත කළ විශ්වාස සහතික (Securitized trust certificates)
  • ස්ථාවර තැන්පතු (Fixed deposits)
  • රීපොස් සහ රිවර්ස් රීපොස් (Repos and reverse repos)

මේවා අදාල වත්කම් වල සුරක්ෂිතභාවය පවත්වා ගැනීම සඳහා පරිපාලක සහ භාරකරු (HNB) විසින් අය කරනු ලබන ගාස්තු වන අතර සුරැුකුම්පත් අරමුදලේ නමින් පවතී. මෙම ගාස්තුව අරමුදල සඳහා අය කරනු ලබන අතර තනි ආයෝජනයන්ගෙන් අය කරනු නොලැබේ. 

සෑම ව්‍යාපාර දිනකම ඒකකයක් සඳහා එහි NAV අගය (ශුද්ධ වත්කම් වටිනාකම) ගණනය කිරීමෙන් අරමුදල් තක්සේරු කරනු ලබයි. මෙය ගණනය කරනු ලබන්නේ ආයෝජන එකතුවේ ඇති සියලූම කොටස්වල වර්තමාන වටිනාකම, ණයකර, විශ්වාස සහතික, රීපොස්, වෙනත් සුරැකුම්පත් සහ මුදල් යන සියල්ල එකට එකතු කිරීමෙනි. අරමුදල පවත්වාගෙන යෑමේ ඇතැම් වියදම් (උදා – කළමනාකරණ ගාස්තුවල භාරකාරත්ව ගාස්තු, පරිපාලක ගාස්තු සහ වෙනත් මෙහෙයුම් වියදම්) අඩු කිරීමෙන් පසු ලැබෙන අවසාන අගය අරමුදලේ නිකුත්කර ඇති මුළු ඒකක ගණනින් බෙදීමෙන් අරමුදල් ඒකකයක් සඳහා වන NAV අගය ලැබේ.

උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකා රුපියල් 5000ක මුළු ආයෝජනයක් සඳහා ඔබට ඒකකයක වටිනකම රුපියල් 100ක් වන ඒකක 50ක් ලැබේ යැයි සිතමු. සති හයකට පසු ඒකකයක වටිනාකම රුපියල් 110ක් වී ඇත්නම් මෙයින් අදහස් කරන්නේ ඔබේ මුළු ආයෝජනයේ වෙළෙඳපොල වටිනාකම රුපියල් 5000 සිට රුපියල් 5500ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

ශ‍්‍රී ලංකාවේ පදිංචි වී සිටින ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට

  • ආයතනල සංස්ථා හෝ ශ‍්‍රී ලංකාව තුල සංස්ථා ගත හෝ ස්ථාපිත ආයතන වලට 
  • ශ‍්‍රී ලංකාව තුල ලියාපදිංචි / සංස්ථාගත / ස්ථාපිත අනුමත අර්ථසාදක අරමුදල් සහ දායක විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රම වලට  
  • අනේවාසිකයින් : ශ‍්‍රී ලංකාවේ පදිංචිකරුවන් නොවන පුද්ගලයන්ට සීමිත වගකීම් සහිත සමාගම් වලට හෝ ශ‍්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත/පිහිටුවනු ලබූ ආයතනවලට

ඔව්. ශ්‍රී ලංකාවේ  ඕනෑම බලපත‍්‍රලාභී වාණිජ බැංකුවක් (එල්. සී. බී) සමඟ අභ්‍යන්තර ආයෝජන ගිණුමක් (අයි. අයි. ඒ) විවෘත කිරීමෙන් තනි පුද්ගල ආයෝජකයින්ට මෙන්ම ආයතනික ආයෝජකයින්ට ශ්‍රී ලාංකික අරමුදල් තුලට හා ඉන් පිටතට ඉතා පහසුවෙන් අරමුදල් යොමු කළ හැකිය.

අරමුදලකදී ආයෝජකයෙකුගේ ආයෝජන වටිනාකම තීරණය වන්නේ දිනයට අදාල ඒකක මිල මත පදනම්වය. ආයෝජනය කරන ලද අරමුදලට බලපාන අවදානම් හේතුවෙන් ඒකක මිල විචල්‍ය වන අතර වෙනස් වීමට යටත් වේ. මෙය ප‍්‍රධාන වශයෙන් අදාල වන්නේ කොටස් ඒ්කක භාර අරමුදල්වලට වන අතර ඒකක මිල ගණන් කොටස් මිලෙහි වෙනස පෙන්නුම් කරයි. මෙය ගෙවීම් පැහැර හැරීම වැනි අවදානම් වලට නිරාවරණය වන ස්ථාවර ආදායම් සුරැකුම්පත් වල ආයෝජනය කර අති ඒකක භාර අරමුදල් සඳහාද අදාල වේ.

  • සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC)
  • පරිපාලක/භාරකාරත්ව බැංකුව – හැටන් නැෂනල් බැංකුව පී. එල්. සී.
  •  අරමුදල් විගණකවරුන් 
  • CFA ආයතනයේ ආචාරධර්ම පද්ධතිය සහ වෘත්තීය ප‍්‍රමිතීන් මඟින් පාලනය වන අරමුදල් කළමනාකරවන්