නිලූ ජයතිලක
අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී
නිලූ ජයතිලක මහත්මිය සොෆ්ට්ලොජික් සමූහයේ වත්කම් කළමනාකරණ ආයතනය වන සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂක ධූරය හොබවයි. එමෙන්ම ඇය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, පාරිභෝගික භාණ්ඩ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, මෝටර් රථ සහ මූල්‍ය සේවා යනාදී ක්ෂේත්රවල දැවැන්ත වර්ධනයක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් හිමි සොෆ්ට්ලොජික් සමූහයේ ආයෝජන ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි. ආයෝජන සහ ආයෝජන සමූහ කළමනාකරණ ක්ෂේත්රයේ වසර 25කට අධික කාලයක් සේවය කොට ඇති ඇය සොෆ්ට්ලොජික් මුදල් වෙළෙඳපොල අරමුදලේ සහ කොටස් අරමුදලේ ප්‍රවර්ධකයින් වන සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් ආයෝජන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඇය දැනට සොෆ්ට්ලොජික් සමූහයේ ආයෝජන කළඹ මෙන්ම එහි රක්ෂණ අංශය වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි ජීවිත රක්ෂණ කළඹ කළමනාකරණය කරනු ලබයි. එහි රක්ෂණ අංශයට රුපියල් බිලියන 18 අරමුදල් වටිනාකමක් ඇති අතර එහි ස්ථාවර ආදායම් හා කොටස් සුරැුකුම්පත් ආවරණය කරයි. වෙළෙඳපොලේ ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ ආයෝජන අවස්ථා දෙකෙහිම සමූහයේ ආයෝජන තක්සේරු කිරීමට ඇය ක්‍රියාකාරීව සම්බන්ධ වේ. සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හා සම්බන්ධ වීමට පෙර වසර 10ක කාලයක් සඳහා ආයෝජන සමූහ කළමනාකරණ ප්‍රධානී/ගාඩියන් අරමුදල් කළමනාකරන සමාගමේ අධ්යක්ෂ ධූරය හෙබවූ ඇය අරමුදල් කළමනාකරණ කණ්ඩායමට නායකත්වය දුන් අතර කාර්සන් කම්බර්බැච් සමූහයේ අරමුදල් කළමනාකරණ සමාගම යටතේ AUM ගොඩනැගීමට දායක විය. නිලූ ගොල්ෆ් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර ජාතික ජයග්‍රහණ ලබා ඇත. ඇය මේ වන විට ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ (SLGU) කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස සේවය කරන අතර එහි කණිෂ්ට අනු කමිටුවේ සභාපතිනිය ලෙස සේවය කරයි. ජාතික ගොල්ෆ් සංවර්ධන වැඩසටහනට ද ඇය දායක වන අතර ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ ප්‍රධානියා ද වේ. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධීකාරී ආයතනයේ සාමාජිකාවක් වන ඇය එක්සත් රාජධානියේ වරලත් ලේකම්වරුන්ගේ සහ පරිපාලකයින්ගේ ආයතනයේ සාමාජිකාවක් වේ.